Vision of Youth in Singhala
දකුණු ආසියාව සඳහා තරුණ අනාගත දැක්ම
දකුණු ආසියානු තරුණයින්ට ඇති අභියෝගය:
මම මගේ රටේ ජනාධිපති / අග්‍රාමාත්‍ය වුවහොත් දකුණු ආසියාව සඳහා ඇති මගේ දැක්ම යන මිනිත්තු පහක වීඩියෝව.
ප්‍රතිචාරය
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවලින් තරුණ තරුණියන් 198 දෙනෙක් නිර්භීත හා ප්‍රේරණාත්මක දර්ශන සහිත වීඩියෝ මගින් ප්‍රතිචාර දැක්වූහ!
පහත දක්වා ඇති දැක්ම මෙම වීඩියෝ ගණනාවකින් ග්‍රහණය කරගත් අතර, එය වීඩියෝ 198 තුළම අන්තර්ගත වූ හැගීම් සහ දර්ශන පිළිබිඹු කරයි.
දකුණු ආසියාව පුරා තරුණ තරුණියන් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම දර්ශන සමූහය, දකුණු ආසියානු ජනතාවගේ ඓතිහාසික අපේක්ෂාවන් සහ සහයෝගී අනාගතයක් අත්කර ගැනීම සඳහා අප සලකා බැලිය හැකි උපාය මාර්ග සමහරක් පිළිබිඹු කරයි.
දකුණු ආසියාව සඳහා තරුණ අනාගත දැක්ම
1. දකුණු ආසියාව ස්වාභාවිකවම සීමාවන් රහිතය. එබැවින්, සීමාවන් බලහත්කාරයෙන් ආරෝපණය කිරීම වෙනුවට ආර්ථික, දේශපාලනික, සමාජීය සහ සංස්කෘතික රේඛා වලින් සම්බන්ධ වූ සහජීවනයක් ගොඩනැගිය යුතුය.
2. එවැනි අනාගතයක් සඳහා ශක්තිමත් පදනම් ගොඩනගා ගැනීම සඳහා අභ්‍යන්තර සංවර්ධනය සහ සර්වත්‍ර අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික රැකියා නිර්මාණය, ස්වදේශික ඉගෙනුම් ආයතන පිහිටුවීම සහ කලාපීය ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඩිජිටල් පාසල් ජාලවලට ආයෝජනය කිරීම යන කරුණු වලට අවධානය යොමු කළ යුතුය.
3. සාමය සඳහා සංවාදය සහ නිදහස අවශ්‍ය බවත්, දේශසීමාවන් තරණය කිරීමේ හැකියාව සහ ජනතාවන් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අවශ්‍ය බවත් අපි පිළිගනිමු.
මෙය රටවල් අතර පවතින ගැටුම් සඳහා සාමකාමී විසඳුම් වර්ධනය කිරීමේ පාදකයක් වනු ඇත.
4. මෙම මූලධර්මය අවබෝධ කර ගැනීම, පරිසර හානිය වැනි අර්බුදකාරී කාලවලදී එකට ගමන් කිරීමට අපට උපකාරී වේ.
මෙය අපගේ සාමූහික අනාගතයේ හදවත වන අතර එය හදිසි සහ සම්බන්ධීකෘත විසඳුම් අවශ්‍ය කරයි.
5. ඒකාබද්ධ ගංගා වැවිලි ක්‍රම, කලාපීය වායු දූෂණ අඩු කිරීමේ ව්‍යාපෘති සහ බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම ගැන අප ඉතා බරපතල විය යුතුය.
6. ආර්ථික අනුකලනය සඳහා පොදු දැක්මක් අවශ්‍ය වන අතර, එය සමහර විට දකුණු ආසියානු ආර්ථික ගණුදෙනු කණ්ඩායමක් මගින් සාක්ෂාත් කර ගත හැකිය. මෙය ජාතික මට්ටමින් පරිසර හිතකාමී ආර්ථික සංවර්ධන ආකෘති අනුගමනය කර ඒ සඳහා මඟ පෙන්වන අතර, එය අධ්‍යාපනය ලබා, සම්බන්ධිත සහ නවෝත්පාදන ශීලී තරුණ පරපුරක් විසින් මෙහෙයවනු ලබයි.
7. මෘදු දේශසීමා සහ සමුද්‍ර සම්බන්ධතා, ආධිපත්‍යයට වඩා සමානත්වය සහ අන්යෝන්ය අවශ්‍යතා මත පදනම්ව, නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරයි.
8. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC) නැවත ජීවන්ත කිරීම මෙම දර්ශනවල මූර්තිමත් අංගයකි.
දකුණු ආසියාව සඳහා තරුණ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මුලපිරීම්
තරුණයින්ට වේදිකා සැපයීමේ ක්‍රියාවලි අවශ්‍ය වේ. ඒවා නැවත නැවත කළ යුතුය.
නායකත්ව වගකීම් හැසිරවීම, දුරස් බවක් ඇති බව පෙනෙන ගැටලු ඉදිරියට ගෙන ඒමට සහ අපගේ නිවෙස් වලට ආසන්න කිරීමට සමත් වේ. මෙය තරුණයින්ට, විශාල හා වඩාත් සමීප යථාර්ථය අවබෝධ කර ගැනීමට ප්‍රේරණය ලබා දෙයි. එමගින් ඔවුන්ට එහි ව්‍යුහයේ දුර්වලතා හඳුනා ගෙන, අපගේ ලෝකය ආරක්ෂා කිරීම, වැඩිදියුණු කිරීම සහ වෙනස් කිරීම සඳහා එකට නිශ්චලව නොසිට කටයුතු කළ හැකිය.
අපි එකිනෙකා බෙදීගිය අසල්වාසීන් ලෙස දැකීම නතර කර, එක්සත් පවුල් ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරමු… කුඩා රටවල් නොමැත, පවතින්නේ ශක්තිමත් සහයෝගීතා පමණි. දරිද්‍ර ජනතාව නොමැත, දරිද්‍ර රටවල් නොමැත, පවතින්නේ ප්‍රයෝජනයට නොගත් විභවයන් පමණි.
සම්පාදනය කළේ:
කබීර් රාඕ – ඉන්දියාව
ෂෙර් අබ්බාස් – පාකිස්ථානය